බංගලියන් පරදා ඉන්දියාව අවසන් තරගයට

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකරගත් ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

රෝහිත් ශර්මා (නොදැවී 123) සහ විරාට් කෝලිගේ (නොදැවී 96) විශිෂ්ට පිතිහරඹය මෙම ජයග්‍රහණයට ඉවහල් විය.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් රැස්කළ අතර එම සංඛාව පසු කර යන්නට ඉන්දියාව සමත්වූයේ පන්දු ඕවර 40.1 දීය.
ඒ අනවු මෙම තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය ලබන ඉරිදා (18 වැනිදා) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙතෙක් පැවති චැම්පියන්ස් තරගාවලි වලින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම තත්වයේ පැවති වාර්තාවක්ද බිඳලමින් අර්ධ අවසන් තරග 2 කට හා අවසන් තරග 4 කට යන්නට ඒ අනුව ඉන්දියාව සමත්ව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment