නැන්දම්මා පහරදීමෙන් ලේලිගේ දරු ගැබ විනාශ වෙලා

සිවුමස් ගැබිනි ලේලියව අමානුෂික ලෙස ගිනි පෙනෙල්ලෙන් පුච්චා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්
පරීක්ෂණයක් පවත්වන ලෙස
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ඒ.එස්.කේ. ජයසූරිය මහතා බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.

බගවන්තලාව ෆෙට්රෝසෝ වතුයායේ ෆීඩ්ලන් කොටසේ පදිංචි ලෙච්චමන් විජේමණියන 22 හැවිරිදි මෙම ගැබිනි කාන්තාව සායන කටයුතු සඳහා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයට පැමිණි අවස්ථාවේ ඇයගේ අතේ, පපුවේ සහ ඔළුවේ තිබූ පිලුස්සුම් තුවාල පිළිබඳ සැකසිතූ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා මේ පිළිබඳව ඇයගෙන් කරුණු විමසීමේදී නැන්දම්මා විසින් තමන්ට සිදුකළ වදහිංසා පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට පැවසීමෙන් පසු එම කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර මේ පිළිබඳව බගවන්තලාව පොලිසියට පැමිණිලි කිරීමට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා කටයුතු කර ඇත. මේ කාන්තාවට එක් දරුවකු සිටින අතර දෙවැනි දරුවා පිළිසිඳගෙන සිටියදී නැන්දම්මා විසින් පහරදීම හේතුවෙන් ඇය ගබ්සා වූ බව එම ගැබිනි කාන්තාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට පවසා ඇත. තම නැන්දම්මා විසින් සිය පුතාටද පහර දෙන නිසා තමන්ට සිදු කරන මෙවැනි අමානුෂික ක්‍රියා හමුවේ තම සැමියා නිහඬව සිටින බව ලෙච්චමන් විජේමණි පැවසුවාය.

නෝර්වුඩ් _ රිද්මි මිලින්දිකා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment