ජැක්සන්ගේ පුද්ගලික සමාගම ජනමාධ්‍ය අමාත්‍යංශ විෂය ලේඛනයේ ගැසට් කරලා


පසුගියදා නව අමාත්‍යංශ විෂය ලේඛන ගැසට් කිරීමේදී මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීරට වැඩබැලීමට අදාළ ආයතනයක් ලෙස

 ‘ක්‍රියේටිව් හෙලන්කා‘ නම් පෞද්ගලික සමාගම ද ඇතුළත්ව අතර එම ඇතුළත් කිරීම කවර හේතුවක් නිසාදැයි කිසිදු පාර්ශ්වයක් නොදන්නා බවක් වාර්තාවේ.
චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනීට අයත් මෙම සමාගම මුළුමනින්ම පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති එකකි.
මහින්ද රජය සමයේ යම් යම් බාහිර කටයුතු සඳහා කොන්ත්‍රාත් පදනමින් පමණක් එහි සේවාවන් ලබාගෙන ඇත.
මීට පෙර මුදල් අමාත්‍යාංශය යටතේ හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ මෙවැනි ආයතනයක් තිබී නැත. මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනීද දැනුවත් නැති බව දන්වා තිබෙන අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඔවුන්ද එවන් ආයතනයක සේවාව ගැන දැනසිටියේ නැති බවයි.
2010 වසරේ දී ආරම්භ කරන ලද මේ සමාගමමහා සංචාරය ඇතුළු වාර්තා වැඩසටහන් දස්කොන්, ශ්‍රී රජ ඇතුළු ටෙලි නාට්‍ය මෙන්ම ආන්දෝලනයට ලක්වූ මිලියන 18 හම්බන්තොට වරාය විවෘත කිරීමට අදාළ ‘කරදියවර මංගල්‍යය’ ද සංවිධානය කළ ආයතනයකි.
ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා නම් කොටසේ අංක 31 යටතේ ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ් රජයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ විෂයට අදාළ ආයතනයක් කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment