පෙරේදා සුසන්තිකා ඇවිත් එක් ලක්ෂ විසිදාහක් පඩි සල්ලි අරන් ගිහින්

සුසන්තිකා ජයසිංහ මහත්මිය පෙරේදා (13) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තම
දෙමසක වැටුප් වූ
120000 රැගෙන ගිය බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී දන්වා සිටියා.
ඇයගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය ඒ අනුව හමාර වී ඇති බව පවසන ඇමැතිවරයා පසුගිය කාලයේ ඇය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දිය යුතුව තිබුණු කාර්ය රාජකාරි වාර්තා ලබා දුන්නාද නැද්ද යන්න පිළිබඳව තමා නොදන්නා බවද කීවේය.
ලේකම්වරයා මේ සම්බන්ධ ලිපි ඇය වෙත යවා ඇති බැවින් තමන් මේ සම්බන්ධන විමසීමක් නොකළ බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.
තමන්ට ඇය සමග කිසිඳු ගැටලුවක් නැති බවත් ඇයටද තමා සමග කිසිඳු ගැටලුවක් ඇතැයි තමන් නොසිත බවත් ඇමැති දයාසිරි ජයසේකර කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment