එංගලන්තය පරදා පකිස්තානය අවසන් තරගයට


අද එංගලන්තයේ කාර්ඩිෆ්හි පැවති චැම්පියන්ස් කුසලාන
අවසන් පූර්ව තරගයේදී සත්කාරක එංගලන්ත පිළ පරදා පහසු ජයක් ලබාගන්නට පාකිස්තානය සමත් වුණා.
මුලින් පන්දුවට පහරදී ඕවර 49.5 දී සියල්ලන් දැවී ලකුණු 211 පමණක් ලබාගත් එංගලන්ත පිලේ පහසු ඉලක්කය සපුරා ගන්නට පකිස්තානය ඕවර 37.2 කදී සමත්විය.
ලකුණු 215 ක් ලබාගනිමින් ජයග්‍රහණය ඔවුන් සතුකරගත්තේ කඩුළු 2 ක් පමණක් දැවී යමිනි.

තරගයේ වීරයා වූයේ කඩුළු 3 ක් ලබාගත් හසන් අලීය.
ඒ අනුව මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා පාකිස්තානය සුදුසුකම් ලබාගත්තේය.
මීළඟට පැවැත්වෙන අර්ධ අවසන් තරගයේදී ඉන්දියාව සහ බංග්ලාදේශය අතුරින් ජයගන්නා පිල සමග පකිස්තානය අවසන් තරගයට සහභාගී වනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment