තුවාලවූ කුසල් පෙරේරා වෙනුවට ධනංජය

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (08) පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරඟය
අතරතුර
ආබාධයකට මුහුණ දුන් කුසල් ජනිත් ‍පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ධනංජය ද සිල්වා ඉදිරියේ දී පැවැත් වීමට නියමිත තරඟය සඳහා මේ වන විට එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.
කුසල් ජනිත් පෙරේරා මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර ඔහුගේ කලවා ප්‍රදේශය මෙලෙස ආබාධයට ලක්ව ඇති බවත් අද දිනයේ දී රේඩියෝග්‍රැෆි පරීක්ෂණයක් යොමු කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව රෝගී තත්ත්වය පිළිබඳ අවසන් නිගමනයට පැමිණීමට බලාපෙරොත්තු වන බවත් වාර්තා වෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment