2020 දී පොදු අපේක්ෂකයා වෙන්න ඒකාබද්ධය විජේදාසට ලණුවක් දීලා

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා 2020 දී පොදු අපේක්ෂකයා කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් ඔහුට. බලාපොරොත්තුවක් ලබා දී ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (22) පැවති මාධ්‍ය
හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ, හතුරෙක් ලෙස තම නිවසින් පිට සිටින මුහුණ දිය හැකි වුවත් මිතුරෙකු ලෙසින් නිවස තුළ සිටින සතුරාට මුහුණ දීම අසීරු බවයි.

ආණ්ඩුවේ තව දුරටත් සිටිනවාද යන්න පිළිබද විජේදාස රාජපක්ෂ මහතා තීරණය කළ යුතු බවත් ඒ සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ද අවශ්‍ය බව නලින් බණ්ඩාර මහතා පවසයි.

පහුගිය කාලේ විජේදාස රාජපක්ෂ මහතාට ඩීල් දාස යන අනුවර්ත නාමයෙන් හැදින් වු බවත්, ඒ බව පසුගිය කාලයේ එක්බද්ධ විපක්ෂ විසින් ඔහු ආරක්ෂා කිරීම තුළින් පෙනී යන බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙවැනි පොදු බලාපොරොත්තුවක් ලබා දී ඇති බව විජේදාස රාජපක්ෂ මහතාගේ කතා තුළින් පෙනී යන බව ද නලීන් බණ්ඩාර මහතා සදහන් කළේය.

එමෙන්ම ඒකාබද්ධය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ද රාජපක්ෂ මහතා දියත් කර ඇති බවට බුද්ධි අංශ තොරතුරු ඇති බව ද මෙහිදී නලීන් බණ්ඩාර මහතා කියා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment