ඇවන්ගඩ් ගැන නාවික හමුදාපතිවරයාගෙන් සහතිකයක් !

ඇවන්ගඩ් ගැන නාවික හමුදාපතිවරයාගෙන් සහතිකයක් !
මේ වන විට නාවික හමුදාව සිදු කරන්නේ මුහුදු ආරක්ෂක සේවාව වන අතර අවි ආයුධ ආරක්ෂා කිරීම එහි ප්‍රමුඛ කාරණයක් වන බව නාවික හමුදාපතිවරයා සඳහන් කළේය. සමාගම පැවති  සමයේ ඔවුන් නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම්, විනෝද අවස්ථා ආදී සියල්ලම කළද නාවික හමුදාවක් ලෙස එවැනි දේවල් කළ නොහැකි අතර වෙනත් ඒජන්තයන් මඟින් එය සිදු කරන බව සින්නයියා මහතා කියා සිටියේය. ඇවන්ගාඩ් නාවික හමුදාවට ව්‍යාපාරයක් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
 
එමඟින් ලැබෙන ආදායම රජයට ලබා දෙන බවද නාවික හමුදාපතිවරයා පැවසීය. ආරම්භයේදී එය නාවික හමුදාව විසින් හොඳින් පවත්වා ගෙන පැමිණියද පසුගිය පාලන සමයේදී කුඩා ආරක්ෂක සමාගමක් වූ ඇවන්ගාඩ් සමාගමට පැවරූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment