එජාප ඉල්ලීමට ජනපති එකඟ වෙයි - විජේදාස ඉවතට!

එජාප ඉල්ලීමට ජනපති එකඟ වෙයි - විජේදාස ඉවතට!

 

විජේදාස රාජපක්ෂ මහතා දිගින් දිගටම කැබිනට මණ්ඩලයේ සාමුහිකත්වය උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීම නිසා කැබිනට් අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවයි පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ (22) නිල ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ. කෙසේවෙතත් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පසුගිය 21 වැනි දින වන විටත් විජේදාස රාජපක්ෂ මහතා පක්ෂය වෙත පිළිතුරු නොදුන් නිසා ඔහුව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවට වන ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කළ බව කබීර් හෂීම් මහතා පැවසීය.

කැබිනට් සාමුහිකත්වය කඩ කිරීම මෙන්ම රාජපක්ෂ පාලනයේ වංචා දුෂණ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය කඩිනම් නොකිරීම පිළිබඳව විජේදාස රාජපක්ෂ මහතාට පක්ෂය තුළින්ම චෝදනා එල්ල විය. ඒ අනුව ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණි.

විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් හිස් වන අධිකරණ අමාත්‍යධූරය සඳහා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය යෝජනා වී ඇති බව වාර්තා වුවද මෙතෙක් එම පත්කිරීම සිදුකර නැත.

ආශික බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment