පොලිතින් තහනමේ කිසිදු වෙනසක්‌ නැහැ -කැබිනට් මණ්ඩලය තින්දු කරයි

Polithin_LNA_12_07_2017

ඇතැම් වර්ගවල පොලිතින් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය ලබන 01 වැනිදා සිට තහනම් කිරීමට ගත් තීරණය ඒ පරිද්දෙන්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේනවා.

2017 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඇතැම් වර්ගවල පොලිතීන් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනම් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම

ඇතැම් වර්ගවල පොලිතීන් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය 2017 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2017‑07‑11 දින ගනු ලැබූ තීරණය එපරිද්දෙන්ම ක්‍රියාත්මක කිරීමටත්, එම තහනම ක්‍රියාත්මක කිරීම මඟින් බලපෑමට ලක්වන පොලිතීන් නිෂ්පාදකයින්, පොලිතීන් ආශ්‍රිත ඇසුරුම්කරණ කර්මාන්තවල නිරතවන්නන් හා පොලිතීන් තොග වෙළඳුන් පොලිතීන් සඳහා වන විකල්පයන් වෙත ක්‍රමානුකූලව යොමු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment