විජයදාස නෙරපීම අස්ගිරි පාර්ශයෙ හෙළා දකී

බුද්ධ ශාසන හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් ආණ්ඩුවේ ඇති අස්ථීර භාවයත් නොහැකියාව සහ දුර්වලතාවත් මනාව පෙන්නුම් කළ බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.
මහා සංඝරත්නයට
කළ හැක්කේ යමක හොඳ නරක පෙන්වා දීම පමණක් බවද උන්වහන්සේ කීහ. ඉන් පසු ඒ පිළිබඳව මහා සංඝරත්නයට ලුහුබැඳ යෑමක් කළ නොහැකි යැයි උන් වහන්සේ පෙන්වා දුන්හ. විජයදාස රාජපක්ෂ මහතාට බුදු දහම පිළිබඳව තිබෙන දැනුම සහ එතුමාගේ ක්‍රියාකලාපය දෙස බලා මහා සංඝරත්නය එතුමා ඇගයීමක් කළ බවද උන්වහන්සේ කීය.

නමුත් පාර්ලිමේන්තුව තුළ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ හඬ ප්‍රබල වී තිබෙන නිසා පක්ෂ නායකවරයාටත් එයට ඇහුම්කන් දීමට සිදුව ඇතැයි මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ. එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ඉල්ලීමට ඇහුම්කන් දීමට ජනාධිපතිවරයාටත් සිදුවීමෙන් පෙනී යන්නේ රටේ දේශපාලන අස්ථාවරභාවය යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.

විජයදාස රාජපක්ෂ මහතා බරපතළ වරදක් කර ඇති බවක් පෙනෙන්නට නැති බව සඳහන් කළ උන්වහන්සේ රටට සිදුවන විපතක් පෙන්වාදීම වරදක් නොවේ යැයි මැදගම හිමියෝ කීහ. එතුමා නීතිමය කටයුතු ප්‍රමාද කරනවා කියා එක එල්ලේ චෝදනා කළ නොහැකි බවත් මන්ත්‍රිවරුන් සතුටු කිරීමට නීතියට ඇඟිලි ගැසීම යහපාලනය නොවේ යැයි උන්වහන්සේ පැවැසූහ.

රජයක් ලෙස පවතින පක්ෂ දෙකේම අති විශාල අර්බුද පවතින බව මින් පෙනෙන බවත් රජයේ ඇති නොහැකියාවන් සහ දුර්වලතා පවතින බව මෙම සිදුවීමෙන් මනාව ඔප්පු වූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment