විජයදාස සමාව ඉල්ලයි - නාටකයකුත් ලෑස්තියි.


තමාට ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉල්ලා තිබේ. 

අමාත්‍යවරයකු ලෙස හිදිමින් සිදුකළ ප්‍රකාශයන්ට සමාව ඉල්ලා ඇති විජයදාස රාජපක්ෂ  මහතා තමාව අමාත්‍ය ධුරයෙන් අස් නොකරන ලෙසත් ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඉතා ඉක්මණින් සිය අමාත්‍ය ධුයෙන් ඉල්ලා අස්වන බවත් ඒ සඳහා යම් කාලයක් ලබාදෙන ලෙස එමෙන්ම එතෙක් නව අමාත්‍ය ධූර පත්කිරීම සිදුනොකරන ලෙසද විජයදාස මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ.

පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර එකගතාවයෙන් විජයදාස මහතාගේ ඉල්ලිමට අවසරදී ඇත.

ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා අද (23) දිනයේදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

මේ අතර විජයදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්නොවන ලෙස බල කිරීමට භික්ෂුන් වහන්සේලා පිරිසක් අද බුද්ධ සාසන අමාත්යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට ද නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment