නිරෝෂන් දික්වැල්ල ලෝක වාර්තාවක් අභියස

නිරෝෂන් දික්වැල්ල ලෝක වාර්තාවක් අභියස
ඔහු මීලඟ ඉනිම දෙකේදී තවත් ලකුණු 139 ක් රැස් කරගත හොත් වේගවත්ම එක්දින ලකුණු 1000 වාර්තා කිරීමේ අවස්ථාව හිමිවන අතර මේ වනවිට ක්‍රීඩකයන් පස් දෙනෙකු මෙම වාර්තාවට සමව හිමිකම් කියනවා.
 
මුලින්ම මෙම වාර්තාව කොදෙව් දේශයේ විවියන් රිචඩ්ස් විසින් හිමිකර ගත් අතර ඒ 1975 වසරේදීය. ඔහු 21 වැනි ඉනිමේදී ලකුණු දහස සම්පූර්ණ කළ අතර ඉන් අනතුරුව කෙවින් පීටර්සන් (2006), ජොනතන් ට්‍රොට් (2011), ක්වින්ටන් ඩි කොක් (2014) සහ බාබර් අසාම් (2017) ඉනිම 21 කදී ලකුණු දහස ඉක්මවා යාමට සමත් විය.
 
දික්වැල්ල ඉන්දියාව සමග පැවති පළමු එක්දින තරගයේදී ලකුණු 64 ක් ලබාගත් අතර ඔහු මේ වනවිට ලකුණු අතර සිටින නිසා මෙම වාර්තාව සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත හැකිය. ඔහු මේ වනවිට එක්දින ශතක දෙකක් සහ අර්ධ ශතක පහක් ද සමගින් ලකුණු 43.73 ක සාමාන්‍යයක් හිමි කරගෙන සිටී.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වනවිට වේගවත්ම ලකුණු දහස වාර්තා කරගෙන ඇත්තේ රෝයි ඩයස් විසිනි. 1985 වසරේදී ඔහු ක්‍රීඩාකළ 27 වැනි ඉනිමේදී එක්දින ලකුණු දහස සම්පූර්ණ කළ අතර ඔහු පිටුපසින් උපුල් තරංග (ඉනිම 28), කුසල් මෙන්ඩිස් (ඉනිම 28), දිනේෂ් චමාල් (ඉනිම 30) රැඳී සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment