විජේදාස අද අස්වෙයි, අධිකරණය තලතාට ද ?

විජේදාස අද අස්වෙයි, අධිකරණය තලතාට ද ?


කැබිනට් මණ්ලඩයේ සාමූහික තීරණ විවේචනය කිරීම සහ පැවති රජයේ වංචා දූෂණවලට සම්බන්ධ ප්‍රබලයන්ට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණ සඳහා බාධා කිරීම හා අවශ්‍ය සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාට එරෙහිව විවේචන ඉදිරිපත් වූ අතර පසුගිය 17 වැනිදා රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතා නිදහසට කරුණ දැක්විය යුතු බවත් එසේ නොමැති නම් ඔහු තනතුරින් ඉවත් කළයුතු බවත් තීරණය කළේය. ඔහුට නිදහසට කරුණු දැක්වීම සඳහා පසුගිය සඳුදා දක්වා අවස්ථාව ලබාදුන් අතර එහෙත් රාජපක්ෂ මහතා කිසිදු කරුණු දැක්වීමක් සිදු කිරීමට ඉදිරිපත් නොවීය.

අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වයට එරෙහිව කටයුතු කරන අධිකරණ ඇමතිවරයා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර අධිකරණ විෂය පථය තලතා අතුකෝරාල මහත්මිය වෙත පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඇය මේ වනවිට විදේශ රැකියා අමාත්‍යධූරයේ කටයුතු කරයි. කෙසේ වෙතත් අතුකෝරාල මහත්මිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්න බවයි.

ශ්‍රීලනිප පාර්ශ්වයෙන් මේ සඳහා කීර්තිමත් නීතිවේදියෙකු වන ජයම්පති වික්‍රමරත්න මහතා පත්කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇති අතර එහෙත් අධිකරණ අමාත්‍යධූරය එජාපයට අයත්ව තිබෙන හෙයින් ඔහුට එම තනතුර හිමිවීම සිදුවේද යන්න සැක සහිතය.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment