නීතී ක්ෂේත්‍රය විවේචනය කළැයි රන්ජන්ට නඩු


නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් සිදු කළ ප්‍රකාශයක් නිසා වූත් අගවිනිසුරුතුමන් ප්‍රමුඛ
විනිසුරුතුමන්ලා නීතිඥ ප්‍රජාවද උපහාසයට ලක්කර ඇතැයි ඊයේ 22 විශේෂ පෙත්සම් දෙකක් ගොනුකරනු ලැබීය.
‘ලංකාවේ බහුතරයක් ඉන්නේ Corrupted විනිසුරුවරු.මේ ඔක්කොමලා
සල්ලිවලට වැඩ කරන්නේ.නීතිඥයෝ තමයි. නීතිඥයෝ බහුතරයක් තමයි ලංකාව විනාශ කළේ. ඒක තමයි තිත්ත ඇත්ත. මේ කළු කෝට්කාරයෝ බහුතරයක් තමයි‘ යනාදී වශයෙන් සිදුකර ඇති ප්‍රකාශ මඟින් සමස්ත අධිකරණ ක්ෂේත්‍රයම බරපතළ අන්දමින් අපහාසයට ලක්කර ඇතැයි
කළුතර දකුණ ශ්‍රී සුමනසිංහ බෝධිරාජාරාම විහාරාධිවාසී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් හා නුගේගොඩ ගංගොඩවිල වලව්වත්ත පාරේ රණවක සුනිල් පෙරේරා මහතා පෙත්සම් යොමු කර ඇත.
මෙම ප්‍රකාශයන් සිරස ඇතුළු රූපවාහිනී නාලිකා කිහිපයක හා සමාජ ජාලාවල පළවූයේ යයි දක්වමින් ඩීවීඩී පටයක්ද එම පෙත්සම සමග යොමු කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment