රෞහිත රාජපක්සාභිධාන කෞමාරණුවන්ගේ කතාවත්තුව

රෞහිත රාජපක්සාභිධාන කෞමාරණුවන්ගේ කතාවත්තුව
අහෝ ඒ කුමරා උපන් වේලාවෙහි මහා අපූර්වයක්මැ සිදුවිය.. මන්දමූලනය මධ්‍යම රාත්‍රී කාලයේ දිවාරාත්‍රී පන්දු තරඟයක චින්නසාමි පිටිය මෙන් ආලෝකමත් විය.. උල්කාවක් පතිතවූවාක් මෙන් පෘථිවි ධාතුව කම්පා විය. අභ්‍යාවකාශයට ගියාක් මෙන් ගුරුත්වාකර්ෂණය ශූන්‍ය වී සකල වස්තු පා වෙන්නට වන්නාහ..
 
උපන් මොහොතේම පින්වත් පුත්කුමරාණෝ උපන් මොහොතේම නේක විධ මානික්‍ය පුරවන ලද මල්ලක් මැවිණි.. ඒ මල්ලද ශුන්‍ය ගුරුත්වයේ පාවෙන්නට වන් විගසම උපන් කුමරාණෝ මැණික් මල්ල මත නැග
 
"පෘථිවි ගගනගාමී ඒක් මා
පෘථිවි මහා විද්‍යාඍෂි ඒක් මා
විද්‍යා දත්තා ඒක් මා
යේ හෝ මෙ පෘථිවි ධාතුන්..
නහී අන් විද්‍යා ඍෂි.."
 
( පෘථිවියේ එකම ගගනගාමියා මම වෙමි., එකම පෘථිවි විද්‍යඥයා මම වෙමි.. විද්‍යාව දත්තා මම වෙම්.. මේ පෘථිවි ධාතුවටම මා වන් අනෙක් විද්‍යාඥයෙක් නැත )
 
කියා කේශර සිංහ රාජයෙකු මෙන් සිංහනාද කළාහ.. මේ සිංහනාදයෙන් කම්පිතව ගිය මොහොතේ මේ නම් කවදා හෝ සීඇෆැලක් මෙන් මෙලොව බබළවන මහා පුත්‍ර රත්නයක්මැයි කියා "චන්ද්‍රයා දිනන රෝකැට්ටුවක් මෙන් සිතක් ඇත්තා" යන අර්තයෙන් "ඡන්දන රෞහිතා " ලෙස නම් තබන ලද්දාහ..
 
මේ කුමරාණෝ පැටිවියේ සිටම ශිල්ප ග්‍රහණයට නම් හපනෝය.. විද්‍යා ගණිත වානිජයෙහිද පුරවැසි අධ්‍යාපනය ප්‍රාතාකු ද කලාවෙහිද හපනෝය... සකල කලා වල්ලභය.. ශිල්පයේ මෙන්මැ පන්දු කෙලියෙහිද ඒ තරමටම හපනෝය.. එකල රෞහිතා කෞමාරනුවානෝ පන්දුවත් කිහිල්ලේ ගසා පිටියට බට කල්හී ටසිරිලකහිම මහා ශූර තාජුඩීනාණෝ පවා බියෙන් වෙව්ලා යන්නාහ..
මෙසේ ක්‍රීඩාවෙහිද ශිල්ප දක්වා නොනැවතූ එ කුමරාණෝ කලාවෙහිද අග්‍රයෝමැ විය.. මහා ගාන්ධර්ව ඉරාජයාණෝ පවා සිය වෙණ රෞහිතාණෝ අතට දී පුත මාගේ ඇවෑමෙන් ටසිරිලක ගී කලාව නුඹ බාරගනු මැනවයි කියා හඬා වැලපුනාහුය..
 
මෙසේ එකම වහලක් යටින් සියළු බඩු ගත හැකි ෆුඩ් සිටියක් සේ සකල ශිල්පයෙන් අගතැන්පත් මෙකුමරාණෝ ශිල්පාධිග්‍රහණයේ කොතරම් කෙළ පැමිණියෝද කියානම් ටසිරිලක විභාග පරීක්ෂණ වලට ලියූ පිළිතුරු අයින්ස්ටයිනානුවන් ලියූ ඒවා නොවැටහී ප්‍රතික්ෂේප කලාක් මෙන් ටසිරිලක ගුරුන් අතින්දමැ ප්‍රතික්ෂේප වීයැ. මෙකල එතුමාණන්ගේ පියාණෝ වූ මහින්දෝත්තමයෝ ටසිරිලක සිට ලොවම බැබලවූ අධිරජාණෝ බවට පත්වී සිටියාහ.
 
ඉදින් තම කුමරාණන් මහා විද්‍යර්ථියෙකු ලෙස ලියූ පිළිතුරු ගුරුන්ගේ නොදැනුමෙන් ප්‍රතික්ෂේප වූ බව අසා දණ්ඩෙන් පහරලත් තෙවරප්පෙරුමයකු මෙන් කිපී
 
"පුත රෞහිත.. මාගේ එකදු අණකින් තොප ටසිරිලක ඕනෑම විශ්වවිද්‍යාලයකට ඇතුලත් කරනු ඇත.. වහා නුඹේ රුචි ආයතනය පවසනු.. කෝලම්තොටද ජපුරද පේරා ද මොරා ද කියා කියව.."!
 
කියා ඇසුවාහ..
 
නැත පියාණනි.. මා කුමන සුදුසුකම් දැරුවද අවස්ථා දැරීමට රාජ්‍ය බලය යෙදීම නුසුදුස්සේය.. යමක් වේනම් එය සුදුස්සාටම ලැබේය..වැඩිමල් අයියණ්ඩිය නීතී විශාරදයෙකු වූ පරිදිම.. යශෝසිතා අයියණ්ඩිය රාජකීය නාවුකයෙකු වූ පරිදිම.. ඩේසි මිත්තණියට මාණික්‍ය ලැබූ සේම.. රවිචන්ද්‍රයෝ ට නිවසක් ලැබූ සේම.. මටද මාගේ කුශලාකුශල කර්ම පල දේවියි.. " කීය .
 
එය අසා තුටින් ඉපැලුනු මහින්දෝත්තමයන්ගේ දෑසින් සට සට ගා වැටූ කඳුළින් මාලිගයෙහි විළුඹ තරමට කඳුලින් පිරී ගියාහ. එවේලෙහි නුඹ නම් "ඩේසිගෙම පුතෙක් " කියා හිස අතගෑහ..
 
නමුදු මාගේ කෞමාරනුවානෝ මෙන් තව ටසිරිලක දරුවනට කෙසේ මේ ආයතන මෙසේ අසාධාරණය කරනු ඇතිදැ..දැයේ දරුවනට උසස් අධ්‍යාපනයේ අසාධාරණයක් සිදුකරන්නට නොදෙමි අපෙ හාන්දුරුවනේ කියා එවේලෙහිම දැයේ හෙළ දරුවනගේ ශිල්පයෙහි දිසාපාමොක් ඇකඩමියාව බඳුවූ සයිටමායතනය ඇරඹුවාහුය..
 
මෙසේ සිටිනාකල්හී කුමරුන්ගේ ගුණ වර්ණනා ග්‍රන්ථ පිටින් ලියැවුණාහ..
 
"පැහැයෙන් වේගෙනිඳු
මෝරන ලැම්බෝගිනි බඳු
රුවින් ගුණ නැනිණිඳු
වැඩිනි රෞහිත වෙමින් පරසිඳු "
 
ආදී කවිද ලියැවුණාහ..
 
ඉදින් මෙසේ මෙතුමාණන්ගේ ගුණ ලෝ පුරා පරසිඳු වන කල්හී ලොව විද්‍යාශිල්පයේ ප්‍රවීණ වූ මහාධිරාජ්‍යයෝ කෞමාරණුවානෝ තම රටට ලබා ගැන්මෙහි තරගයකැ අඹ වල්ලක් කැඩීමට පොරකන කොල්ලන් මෙන්  නිරතවන්නට වන්නාහ..  අවසන කෞමාරනුවානෝ ගගණ විද්‍යා ශිල්පය ලබා දෙනුවස් මකර මහාධිරාජ්‍ය බලා පිටත්ව ගියාහුය.. කෞමාරනුවානෝ පිටත්ව ගියාවූ ශාපය කොතෙක්ද කියානම් එතුමාණෝ පිටත්වූ මත්තල්තොට ගගණ යාත්‍රාංගනය බංකොලොත්ම වී ගියාහ..
 
මෙසේ කිහිප වසරක්මැ ගතවන්නට වන්නාහ. මහින්දෝත්තම අධිරජාණෝ රාජ්‍ය බලය නම් නැත්වන සුලුය. බලය බදාගෙන ඇති ඵලය කිමැයි කියා සිය අනුප්‍රාප්තික වෙද ඇමැතියා වූ සරලාභිධාන මෙත්පල් සිරිසන් නිරිඳුන් හට තරුණියක් ඉල්ලූ සැනම හාදුවක් ලබා දෙනා තරුණයෙකු මෙන් රාජ්‍ය බලය ලබා දී මන්දමූලනයේ භාවනාවටම නික්මුණාහුය..
 
ඉදින් මෙසේ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳාණෝ දැහැමින් සෙමින් මඩුවලිගෙන් සරලව දේශය පාලනය කරනා කල්හී 99.99% ක් විෂබීජ මියැදෙන සබන් කැටයක් මෙන් සොරකමින් වංචාවෙන් තොරව පාරිශුද්ධව විම් දැමු සින්කෙකක් මෙන් බැබලෙන දේශයේ සශ්‍රීකත්වය දැක රූසිරින් ආඪ්‍ය වූ දීපිකා පදුකෝන් දේවීන් වහන්සේට ඊර්ෂ්‍යා කරනා තරුණියන් මෙන් ජාත්‍යන්තරය ඊර්ෂ්‍යා කරන්නට වන්නාහ.
 
මෙසේ මහාභාණ්ඩාගාරයේ බන්ධකාර කහවණුවලින් පිරි ඉතිරී යනු දැක කොල්ලකෑමේ අටින් සිහිනිදිගැස් ඇති උත්තර කූරියාණු රජු වූ කිම්ජොනානුවන් මෙගාටෙලියක නැන්දම්මාණන් කෙනෙකු මෙන් තර්ජනය කලාහුය.. අහෝ ඒ කෲර රජාණෝ ටසිරිලකට මානා පරමාණු යුධ ශීර්ෂ මිසයිලා සවි කළාහ..
 
ඉදින් මේ දැනගත් ටසිරිලක වැසියෝ කැරපොත්තකු දුටු ගැහැනු ළමයෙකු මෙන් බියෙන් ඇලලි ගියාහ.. අහෝ දැන් කිමෙක් කරම්ද.. යුධයක් කිරීමටනම් මහින්දෝත්තම මහාධිරජාණෝද නොමැත්තේය. ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ජාත්‍යන්තරයද සහයට නොඒය. මා කෙසේ හිටන් සිටින්නදැයි කියා සරමට ගිනි ඇවිළුනාක් මෙන් මෙත්පලානෝ හෙට  ශිෂ්‍යත්වය ලියන දරුවකුගේ මෑනියකු මෙන් කල්පනා කරන්නාහ..
 
ඉදින් එක්වරම සක්‍රදේවීන්ද්‍රයාණෝ මෙත්පළාණන්ගේ කර්ණයට අධිගෘහිතව " ඩේසිගෙ පුතා.. ඩේසිගෙ පුතා.. ඩේසිගෙ පුතා.. ඩේසිගෙ පුතා.. " ලෙස ශබ්ද කළාහ.. එයින් එක්වරම මෙත්පල් නිරිඳාණන්ගේ මනසට රෞහිත කෞමාරනුවානෝ සිහි විය..
මෙත්පලානෝ සිය තලබනුව ගෙන " රෞහිත කෞමාණුවනි.. ටසිරිලකට යුධයක්. වහා පැමිණෙන්න..bs tc suprim sat = මෙත්පල්  කියා කොටාපියාහුය..
 
එය ලැබූ වහාම දුන්නෙන් මිදුණු හීයක් මෙන් මකරාධිරාජ්‍යයේ ජනයා නොයන්නයි කියා හඬා වැටෙද්දී එවේලෙහිම හෙතෙමේම නිපැදවූ පෞද්ගලික රෝකැට්ටුවෙන් පුලතිසිපුර සරල පොල් අතු පැලට පැමිණියාහුය..
මෙත්පල් නිරිඳාණන්ගෙන් කරුණු අසා දැන වෙනත් කෙල්ලකුගේ ප්‍රෝපයිල් පිකුවකට නයිස් පික් ඩියර් කොමෙන්ටුවක් දැමූ පෙම්වතා දුටු පෙම්වතිය මෙන් කෝපාග්නියෙන් දැවී
 
"බෝයිං එයාර්බස් රජ කරන පෘථිවියක.. සැටලයිට් ෂටල් නිපදන ඡන්දනා රෞහිත මම වෙමි.. එම්බා කිම්ජොනුන්... මා තරම් හපනෙක් තවත් සිටිත්ද මේ ලොව..තාගේ පරමාණු බම්බුව ගෙන මිත්තණිට ප්ලාස්ටික් සහල් ගරාගනුව.."
 
කියා ස්ටේටස්සුවක් දමා කෙතරම් නා සෙම්ප්‍රතිශ්‍යාව සෑදුනද සැමදා ලිප්ටන් වටරවුමට පැමිණ සටන් කරනා අන්තරේ විරුසිසුවකු මෙන් වීර්‍යයය වඩා කෝලම්තොටට මධ්‍යයේ උත්තර කූරියාණු අධිරජයට පහර දීමට කට්ටඩියකුද ගෙන්වා වාලම්පුරියක් සාදන්නාහ..
 
යුධ හමුදාවෝද එක්කරගෙන මහා වාලම්පුරි පන්තියක්ම සාදන කල්හී එහි විශිෂ්ඨතමයා ලෙස නොපිබිදුනු නෙළුම් පොහොට්ටුවක් බඳු වූ කුළුනක් මෙන් වාලම්පුරියක් සාදන්නාහ..
 
දිහින් බඹ ලක්ෂයක්ද.. වටප්‍රමාණයෙන් බඹ දහසක්ද පිපිරූ කලට කූඹු ගුලකට දැමූ චීන පටසක් මෙන් ව සිය කෝටියක් මරුමුවට පත්කල හැකි මහා වාලම්පුරියක් මතුරවා සාදවාපීය.. ඒ තුල පාන් ගෙඩි, හූනියම්, මිනී අලු, වඳ කිරි, ප්ලාස්ටික් සහල් සහ වඳ තිසරපටද සඟවාපියාහ..
එකල ලොව යුදයෙන් කෙළ පැමිණියාවූ යැංකි අධිරාජ්‍යයද සෝවියටයද මේ දැක කම්පිතව රෞහිතාණන්ට නේවසංඥානාංඥායතනයට පැමිණෙන ලෙස ආරාධනා කරන්නාහ.. මහා දඹදිව් අධිරාජ්‍ය ඔහුගේ නමින් රෝහිණී චන්ද්‍රිකාව නම් කළාහ..
 
ඉදීන් මෙය සාදා අවසානයේ එයට
 
" Hi - Tan - 225"
 
 ලෙස නම් තබන ලද්දාහ..
 
මීටාමතරව සෑදවූ මිසයිලයෝ
 
Na - mal - 69, la - santha, aapache , w.t.judin , tsnami , හොවී රරා , R-nil , diske amt diskade,
 
ආදී නේක විද මන්ත්‍ර ගුරුකම් භාවිතයට ගෙන මැතිරූ දෙහිගෙඩි.. කට්ටකුමන්ජල්, පිල්ලි හූනියම්, මලහෝන්තු, ආදියද සූදානම් කළාහ..
 
ඉදින් මේ දුටු කෲර කිම්ජොනානුවන් වහා සිය පරමාණු හකුළා අහෝ මහා යැංකි දේශයට පහර දුනද ටසිරිලකට නම් පහර නොදෙන්නෙමියි.. අහො අපේ මහජනයා වඳ කර හැඳිගා නොගනිමියි කියා කෝලියාණුවන් දුටු චන්දිමාලාණන් මෙන් බියෙන් සලිතවැ දොරගුළු වසා සැඟවුනාහ..
 
මේ දුටු ටසිරිලක වැසියෝද ලෝ වැසියෝද රෞහිත කෞමාරනුවානෝට ආචාර කර ලොව මහා විදුදරයාණො ලෙස නෝබෙල් ත්‍යාගය රෞහිත ත්‍යාගය ලෙස නම් කළාහ..
 
අකලංකාරයෙහි එන රෞහිත රාජපක්සාභිධාන කෞමාරණුවන්ගේ කතාවත්තුව නිමියේයැ..
 
# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment