පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේසවලට ලැප්ටොප්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේසවලට ලැප්ටොප්

ඒ අනුව මේ යටතේ පහත දැක්වෙන පහසුකම් සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ලබාගත හැකිය.

 
ව්‍යවස්ථාදායක තොරතුරු - තමන් විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් හා පෙත්සම් යනාදිය පිළිබඳ තොරතුරු, තමන් විසින් අසන ලද ප්‍රශ්න හා ඒවාට ලබාදුන් පිළිතුරු, ඉදිරියේදී ඇසීමට නියමිත ප්‍රශ්න හා ඒවාට වෙන්කර ඇති දින

පෞද්ගලික තොරතුරු - වැටුප් විස්තර, පැමිණීමේ විස්තර යනාදිය

නියමිත දිනට අදාළ තොරතුරු - පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය, දිනට නියමිත වැඩ පිළිවෙල, න්‍යාය පුස්තක, පරිපූරක යනාදිය, කාරක සභා වාර්තා පිළිගැන්වීම, වෙනත් රජයේ වාර්තා හා ගැසට් පත්‍ර ඉදිරිපත්කිරීම යනාදිය, එදිනට පැවැත්වෙන කාරක සභා රැස්වීම් වැඩසටහන හා වේලාවන්

පසුගිය තොරතුරු -හැන්සාඩ් වාර්තා, කාරක සභා වාර්තා යනාදිය

මෙයට අමතරව, අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් සේවා (ඊ මේල්) පහසුකම්ද, තවත් විවිධ තොරතුරුද මන්‍ත්‍රීවරුන්ට සිය ආසනයේ සිටම ලබාගැනීමට දැන් හැකියාව තිබේ. 

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන පරිශීලක නාමය සහ මුරපදය බැගින් සෑම මන්ත්‍රීවරයෙකු හටම ලබාදී ඇති අතර, වයි ෆයි තාක්ෂණය භාවිතයෙන් පරිගණක ජාලගත කිරීම ද සිදුකර තිබේ. පරිගණක පද්ධතිය භාවිතා කරන ආකාරය පිළිබද උපදෙස් මාලාවක් ද සියලුම මන්ත්‍රීවරුගේ මේස මත තැබීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව ද අමතර උපදෙස් අවශ්‍ය මන්ත්‍රීවරුන් සදහා සිය සේවය ලබාදෙයි. යම් හෙයකින් මන්ත්‍රීවරයෙකුට පරිගණක පරිහරණය සම්බන්ධයෙන් වැඩිදුර පුහුණුවක් අවශ්‍ය නම් එය ද පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහා ලබාගත හැකිය.   

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී නිවේදනයක් නිකුත් කරමින් ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා පවසා තිබෙන්නේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ, විශේෂයෙන්ම සභා ගර්භය තුළදී සිදුකරන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායි අයුරින් සිදුකිරීමට සහායවීම මෙහි අරමුණ වූ බවයි. තවද ‘‘පාර්ලිමේන්තුවට ලබාදෙන ලද මෙම පරිගණක ඔබ සැමගේ පෞද්ගලික වස්තුවක් ලෙස සැලකිල්ලෙන් හා ආරක්ෂාවෙන් යුතුව පරිහරණය කරමින්, බොහෝ කාලයක් මෙම පරිගණක හොඳින් පවත්වාගෙන යාම සඳහා ඔබතුමන්ලාගේ සහාය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.‘‘ යනුවෙන් ද ගරු කථානායකවරයා එහිදී පවසා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment