ජනපති තීරණේට එකඟයි - UNP යෙන් යන්නෑ - විජයදාස රාජපක්ෂ

අද දින ජනපති මෛත්‍රිපාල සිරිසේන තමාව ඇමති ධූරයෙන් ඉවත් කිරීම ගැන ලබාදී තිබුණ ලිපිය පිළිගන්නා බවත් ඒ අනුව තමාට අදාළ ධූර දෙකින්ම ඉවත්වන බවත් විජයදාස රාජපක්ෂ මහතා විද්‍යුත් නාලිකා අමතා
ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව දැනටමත් තමන්ගේ වාහන භාරදෙමින් පවතින බවත් කියා ඇති ඔහුගෙන් ඉදිරියේදී එජාපය හැරයනවාදැයි කළ විමසීමේදී තමන් එජාපය හැරයාමට අදහස් නොකරන බව දන්වා ඇත.
හම්බන්තොට වරාය බදුදීම ගැන සාමූහික වගකීම කඩකරමින් ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු එජාප රැස්වීමේදී එම ප්‍රකාශය තමන් නොකළ බව කී ඇමතිවරයාට එම ප්‍රකාශය නිවැරදි කර පුවත්පතට දන්වන්නැයි 21 වනදා සවස 6 වනතුරු කාලය ලබාදුන් නමුත් ඔහු එසේ කලේ නැත.ඒ අනුව යමින් කබීර් හෂීම් ලේකම්වරයා ඇමති විජයදාසට එරෙහි විහ්වාසය කඩ කිරීමේ ලිපිය ජනපතිවරයාට යොමු කළේය. එජාපයට අයිති ඇමති ධූරයක් එජාපය විසින් වෙනස් කරන ලෙස කරන ඉල්ලීමට ඒ අනුව ජනපතිවරයා ඇහුම් කන්දී අද ඔහුව ඉවත් කළේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment