බස් - වෑන් අනතුරකින් 11කට බරපතලයි

දඹුල්ල මාතලේ මාර්ගයේ පන්නම්පිටිය ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී රිය අනතුරක් සිදුව තිබේ.
ඉන් එක් අයෙක්
මිය ගොස් තවත් 11 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ පිරිසක් මෙලෙස බරපතල තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් අතර කුඩා ගැහැණු ළමුන් 05 දෙනෙකු ද වෙයි.

අනතුරට ලක් වූ බස් රථය මහනුවර සිට පොළොන්නරුව දක්වා ගමන් කරමින් තිබූ එකක්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment