මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලගේ ‘වැලිකඩ 12-11-10‘ කෘතිය එළිදැක්වීම - 15 සිකුරාදා මහවැලි කේන්ද්‍රයේ දී...

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලගේ ‘වැලිකඩ 12-11-10‘ කෘතිය එළිදැක්වීම - 15 සිකුරාදා මහවැලි කේන්ද්‍රයේ දී...

 

2012 නොවැම්බර් 09 වැනිදා ආරම්භ වී 10 වැනිදා අවසන් වූ ආන්දෝලනාත්මක වැලිකඩ බන්ධනාගාර සිදුවීම අරබයා කසුන් පුස්සෙවෙල විසින් රාවය හා ඉරුදින පුවත්පත් මගින් අනාවරණය කරන ලද තොරතුරු සහ එම සිදුවීම සොයා බැලීමට පත්කෙරුණු දෙවැනි කමිටු වාර්තාවේ සඳහන් තොරතුරු පාදක කොටගෙන කරනු ලබන සුවිශේෂ හෙළිදරව් කිරීම් මෙම කෘතියට ඇතුළත්ව තිබේ. ගවේෂණාත්මක තරුණ මාධ්‍යවේදියෙකු සහ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වන කසුන් පුස්සෙවෙල විසින් රචිත මෙම කෘතිය එළිදක්වන අවස්ථාවේ ප්‍රධාන අදහස් දැක්වීම් සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුළු වැලිකඩ බන්ධනාගාර සිදුවීමේ දී ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් සහභාගී වේ.

කෘතිය එළිදැක්වීමට සමගාමීව එදින දී මෙම ඝාතන සිදුවීමට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම ද ආරම්භ වේ.

අහස ප්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කෘතිය එදින දී සහ එළඹෙන කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී කුටි අංක H1 25 අහස පොත් කුටියෙන් මිළ දී ගත හැක.!

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment