පොළොන්නරුවේ සුළි සුළඟකින් නිවාස 150 කට හානි


පොලොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ අද (4) සවස 4.30ට පමණ වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස 150කට පමණ හානි සිදුවී තිබේ.
ග්‍රාම නිළධාරී වසම් 04ක,

නිවාස 150කට පමණ මෙයින් හානි සිදුව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දන්වා ඇති අතර අවශ්‍ය සහන කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන බවද වාර්තා කර තිබේ.ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.
පොළොන්නරුව කඳුරුවෙල පැරකුම් පෙදෙස ගල්ලෑල්ල හතරේඇළ ප්‍රදේශය හරහා මෙම සුළඟ හමා ඇත. නිවාස වහලය සුළඟට ගසා ගෙන යාම ගස් කඩා වැටීම විදුලි කණු කඩාවැටීම ගොඩනැගිලි කඩා වැටීම මේ නිසා සිදුව ඇති හානි අතර වේ. රජයේ දේපළ වලටද හානි පැමිණවී ඇත.
විදුලි රැහැන් සහ දුරකතන රැහැන් මතට ගස් කඩා වැටීමෙන් අන්තරාදායක තත්වයන්ද මතුව තිබේ.
පුද්ගලයින්ට වූ හානි සම්බන්ධ වාර්තා තවම නැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment