වසර 20ක් වසා තිබූ කන්තලේ සීනි කම්හලේ වැඩ පුද්ගලිකරණය නිසා යළි ඇරැඹේ

දශක දෙකකට වැඩිකාලයක් වසා දමා තිබූ කන්තලේ සීනි කම්හලේ නිෂ්පාදන කටයුතු පුද්ගලීකරණයෙන් පසු යළි ආරම්භ කිරීමේ පියවරක් ලෙස
උක් බීජ සිටුවීම සඳහා බිම් සැකසීම එම කම්හල ලබාගත් ආයෝජන සමාගම මේ වන විට ආරම්භ කර තිබේ.

රජය 51%ක අයිතිය තබාගෙන ඉතිරිය මේ පෞද්ගලික

සමාගමට ලබාදී ඇති අතර ආරම්භයේදී ඍජු රැකියා අවස්ථා 1,500ක් ස්ථාපනය කෙරේ. දිනකට උක් ටොන් 5,000ක් ඇඹරීමට මෙහි බලාපොරොත්තු වන අතර දැනට පැල්වත්ත සීනි කම්හලේ දිනකට අඹරනු ලබන්නේ උක් ටොන් 3,500කි. මීට අමතරව මෙගාවොට් 40ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමද මෙයින් සිදුවෙයි. දිනකට ටොන් 5,000ක් ඇඹරීම සඳහා හෙක්ටයාර් 11,000ක උක් වගා කිරීමට නියමිතය.
වසා දැමූ කම්හලේ එතෙක් කම්හල වෙනුවෙන් උක් වගා කළ ගොවීන් එක්කරගෙන මේ කටයුත්ත ආරම්භ කිරීමද විශේෂත්වයක් විය.
ප්‍රාථමික මට්ටමින් සිදුකෙරෙන බීජ උක් වගාව දෙවැනුව වාණිජ මට්ටමෙන් සිදුකරද්දී දිනකට උක් ටොන් 5,000ක් ඇඹරීමේ ධාරිතාව ඇති යන්ත්‍ර සූත්‍ර කම්හලේ ස්ථාපනය කරන බව ආයෝජන සමාගමේ  තාක්ෂණික උපදේශක ඒ.එස්. වික්‍රම මහතා පැවැසීය.

ආරියරත්න ගනේගොඩ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment