අද මිනිසුන් නිදහසේ හුස්ම ගන්නෙ නිදහසේ රැකියාව කරන්නෙ මා යුද්ධය නිම කළ නිසයි

කිරිබත්ගොඩ නගරයේ පැවැති ජන හමුවකදී ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ පවසා තිබේ.

‘මා යටතේ නිලධාරීන් ලක්ෂ දෙකක් හිටියා.ඒ අය අතරෙ ජගත් ජයසූරිය වගේ නිලධාරීනුත් ඉන්න ඇති.
එහෙත් හමුදාපතිවරයා

වගකිවයුත්තේ හමුදාව සාමූහිකව සිදු කරන නීත්‍යනුකූල වැඩවලට පමණයි.
මේ නිලධාරියා යුද අපරාධ කළ අයෙක්. ඔහු යටතට පත් අයට ඔහු අමානුෂික අන්දමට සැලකූ බව මා හොඳින්ම දන්නවා. ඝාතනය කළ බවත් දන්නවා. රජය හා මැති ඇමැතිවරු ජනතා නියෝජිතයන් ලෙස වගකීමෙන් රටේ ජනතාවට සත්‍ය පෙන්වා දිය යුතුයි.
එදා මනම්පේරි තරුණිය මරා දැමූ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කළා. ඇඹිලිපිටියේ සිසුන් ඝාතනය කළ අයට දිවි ඇති තෙක් සිර දඬුවම් නියම කළා. එදා ඒ රජය වැරැදිකරුවන්ට දඬුවම් කළා. නිල ඇඳුමක් ඇන්ද පමණින් රණවිරුවකු වෙන්නේ නැහැ. වැරැදි වහන එක නොවේ රජයේ වගකීම. ජනතාවට සාධාරණය ඉටු කිරීමයි. මෙවැනි එක්කෙනෙක් දෙන්නෙක්ගේ ක්‍රියාවෙන් ලක්ෂ දෙකකට වැඩි හමුදාව අපකීර්තියට පත් වෙනවා.
ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් මා ඒවාට බය නැහැ. ගෙනැල්ලා බලමු. අඩුම තරමේ මහින්ද රාජපක්ෂවත් ඒකට අත උස්සන්නෙ නෑ. පසුගිය කාලයේ කැලණියෙත් සුදු වෑන්වලින් පැහැර ගැනීමට ලක්වූ යුගයක් තිබූ බව ඔබට මතකද? දැන් ඒ යුගය ඉවරයි.
යුද්ධයෙන් රට බේරා ගත් මට දේශද්‍රෝහියා යැයි කියන අය යුද්ධ කාලයේ අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් එහාට ගිහින් නැහැ. අද දවසේ මිනිසුන් නිදහසේ හුස්ම ගන්නෙත් මාධ්‍යවේදීන් නිදහසේ රැකියාව කරන්නෙත් මා යුද්ධය නිමා කළ නිසා‘

කැලණිය - කුසුම් එස්. හැන්නදි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment