එජාපයෙන් 2020 ත් ජාතික ආණ්ඩුවක්.


වත්මන් ජාතික ආණ්ඩුව 2020 දක්වා ඉදිරියට ගෙනයාමට මෙන්ම 2020 මැතිවරණයේදීත් ජාතික ආණ්ඩුවක් දිනවීමට එක්සත් ජාතික පක්‍ෂය බලාපොරොත්තු වන බවත්, සියලූ දේශපාලන පක්‍ෂ එකතු කරගනිමින් ජනතාවට ජයග‍්‍රහණයක් ලබාදීම පක්‍ෂයේ බලාපොරොත්තුව බවත්, එම පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (6) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමහරු  ආණ්ඩුවෙන් ඉවත් වන බව කියන්නේ ඇමතිකමක් ගෙන වාසි ගැනීමට උත්සාහ කළත් එසේ කළ නොහැකි වූ නිසා බව ද මහ ලේකම්වරයා කීවේය.

ඇමතිකමෙන් වාසි ලැබිය නොහැකි විට දේශපාලන වාසි ඇති පැත්තට යන්නට ඔවුන් උත්සාහ කරනවා විය හැකි බව ද කබීර් හෂීම් මහතා කීවේය.

එ.ජා.ප මහලේකම්වරයා මේ බව පැවසුවේ ‘සිරිකොත’ පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන්, ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කරන ප‍්‍රකාශ එක්සත් ජාතික පක්‍ෂයේ මතය නොවන බව ද අමාත්‍ය කබීර් හෂීම් මහතා එහිදී පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment