"හොට බිම ඇණගන්න එපා" අනුර කුමාරට අභියෝගයක්.


රජය විසින් ඖෂධ වර්ග 48ක වෙළෙඳ නාමයන් 2300ක පමණ මිල අඩු කිරීම නිසා මේ වනවිට පෞද්ගලික ඖෂධ වෙළෙඳසැල්වල දෛනික වෙළෙඳාම 30% කින් පහළ බැස ඇති බව සමස්ත ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමයේ මහ ලේකම් සම්පත් ශ්‍රී කොතලාවල මහතා පවසා සිටියේය.

ඒනිසා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියන ආකාරයෙන් රෝහල්වල බෙහෙත් තුණ්ඩු ෆාමසිවල නොඑන බවත් එසේ එන්නේ යැයි කියන ඖෂධ අලෙවිසැල් පෙන්වන ලෙස තමා මන්ත්‍රීවරයාට අභියෝග කරන බවද ඒ මහතා පවසා සිටියේය.

සමස්ත ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී මෙම මාධ්‍ය හමුව පැවැත් වුණි.

"අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කතා කළා මොනරාගල බෙහෙත් නෑ ෆාමසිවලට වැහි වැහැලා තුණ්ඩු එනවා කියලා. මම වගකීමෙන් කියනවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට මේක අමූලික පට්ටපල් බොරුවක්. නොදන්න කරුණු ගැන කතා කරන්න ගිහිං හොට බිම ඇණගන්න එපා කියලා. එහෙම රෝහල් තුණ්ඩු ෆාමසිවලට කොහේවත් එන්නේ නෑ.

රෝහල් පෝලිමක ඉන්න බැරි කෙනෙක් තමයි එහෙම ආවොත් එන්නේ. එහෙම අයට බෙහෙත් දෙන්න ඉස්සර ෆාමසියෙ අය කියනවා මේක රෝහලෙන් නොමිලේ ගන්න පුළුවන් කියලා. ඔය කියන විදියට එනවානම් ෆාමසි තව කොච්චර දියුණු කරන්න පුළුවන් ද? ෆාමසි කරගෙන යන්න බැරි හින්දා අපි ඇමතිතුමා එක්ක සාකච්ඡා කරලා යම් සහන ලබා ගත්තා." යැයිද පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment