රංග කලන්සූරිය ඉල්ලා අස්වෙයි - තනතුරට තවත් නම් 3ක්.


ප්‍රවීණ මාධ්‍යවේදී, ආචාර්ය රංග කලන්සූරිය මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් අද (29) ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙතද දැනුම්දී ඇත.

කලංසූරිය මහතා අදාළ ධූරය භාරගෙන තිබුණේ ජනපති හා අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි කෙටි කාලයක් සඳහාය.

එම ධූරය භාරගැනීමට පෙර ඔහු විදෙස් ජනමාධ්‍ය සේවයේ නියුතු වූ අතර ඒ මහතා නැවත වරක් අදාළ සේවාවන් සඳහා එක්වීමට මෙසේ ඉල්ලා අස්වී තිබේ.

කලංසූරිය මහතාගෙන් හිස්වූ එම ධූරය සඳහා මේවන විට රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ නම් යොජනා වී ඇති බවද වාර්තා වේ.

රංග මහතා අදාළ ධූරයේ වැඩ භාරගනු ලැබුවේ පසුගිය වසරේ ජුනි 06 වැනිදා වන අතර ඔහු අදාළ ධූරයේ වසරකුත් මාස 03ක කාලයක් සේවය කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment