ලලිත් - අනූෂ නඩුවෙන් වාර්තාවක් : මිලියන 50 මහින්ද ගෙවන්න යයි.


හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ  අනූෂ පැල්පිට යන දෙදෙනාට එරෙහි නඩුව යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පසුගිය රජයේ දූෂණවලට වගකිවයුත්තන්ට එරෙහිව පවරන ලද නඩුවලින් අවසන්වූ පළමු නඩුව ලෙස වාර්තා අතරට එක්ව තිබේ.

 දූෂණ මර්ධන ලේකම් කාර්යාලයේ හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලින් පසුව චෝදනා ගොනුකරනු ලැබ විමසා අවසන් වූ පළමු නඩුවද මෙය වේ.

ඉතිහාසයේ ජනාධිපති ලේකම්වරයකු අපරාධයක් සඳහා වරදකරු වූ පළමු අවස්ථාවද මෙය වේ.

මෙහිදී දඬුවම් නියම කෙරුණේ රාජ්‍ය මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයට කුමන්ත්‍රණය කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී සාවද්‍ය පරිහරණයට අනුබලදීම යන චෝදනා යටතේය.

මිලියන 50 මහින්දගෙන්

අනූෂට හා ලලිත්ට විදුලි සංදේශ නියාමන කොමිසමට ගෙවීමට නියමව ඇති රුපියල් මිලියන 50ක වන්දිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙවාදැමීමට යන බවද මේ අතර වාර්තා වේ.

(මූලාශ්‍රය රාවය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment