රවී මාධ්‍යවල වත්කම් ඉල්ලයි - කතානායක බෑ කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට සිය වත්කම් බැරකම් ලබා දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
මන්ත්‍රීවරුන් විසින් තම වත්කම් හා බැරකම් ලබාදී නැතැයි පුවත්පතක් කළ වාර්තා කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් කතානායකවරයා මෙසේ සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ මාධ්‍යයේ ද වත්කම් ඉදිරිපත් කළ යුතු බවයි.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා එසේ කිරීමේ හැකියාවක් නොමැති බව කියා සිටියේය.
0 comments :
Post a Comment