ගලිගමුවේ මනු ආවරණ කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

Galigamuwa_)6_09_2017

රුපියල් මිලියන 150ක ආයෝජනයකින් ගලිගමුව කර්මාන්ත පුරවරයේ මනු ආවරණ කර්මාන්ත ශාලාව ඊයේ (05) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

ප්‍රදේශයේ තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උදා කරමින් ඉදි කරන ලද මෙම කර්මාන්ත ශාලාව ලංකා විදුලිබල මණ්ඩලයට පූර්ණ අනියුක්ත ශ්‍රී ලංකා එනජීස් ආයතනය මගින් ඉදිකර ඇත.

මෙම කර්මාන්ත ශාලාව සතුව ඇති අති නවීන යන්ත්‍රෝපකරණ පැයකට මනු ආවරණ 100ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවකින් ද යුක්තය. අති නවීන යාන්ත්‍රික උපකරණවලින් සමන්විත මෙම නව කර්මාන්ත ශාලාව මගින් දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලුමට අවශ්‍යය වන පරිදි මනු ආවරණ සැකසීමට අපේක්ෂා කෙරේ.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment