ලලිත් - අනුෂ බන්ධනාගාර රෝහලට.


හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ අනූෂ පැල්පිට දෙදෙනා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට මේවනවිට කටයුතු යොදා ඇත.

බන්ධනාගාර ‍රෝහලේ වෛද්‍යවරියක් ඊට මුලිකත්වය ගෙන තිබේ.

ලලිත් අනුෂ දෙදෙනා මේවනවිට වැලිකඩ ‘කේ‘ වාට්ටුවෙහි රඳවා ඇති අතර එහි ඩිස්පෙන්සරියක් ඇත.

මෙම ඩිස්පෙන්සරිය භාරව ඊයේ සවස 6.00 දක්වා කටයුතු කර ඇත්තේ වෛද්‍ය කණ්නබ්බි මහතා වන අතර සවස 6.00 සිට ඉදිරියට වෛද්‍ය සන්ධ්‍යා මහත්මිය වැඩබාර ගෙන තිබේ.

එහෙත්, බන්ධනාගාර නිලධාරීන් ලලිත් - අනුෂ දෙදෙනා එම වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කර නොතිබිණ.

ඒ අතර වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය නව සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඔවුන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන් බරපතල දියවැඩියාව රෝගීන් හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිර්දේශ කර තිබේ.

අභියාචනයකට සැරසෙති

මේඅතර තමන් වැරදි කරුවන් කරමින් අධිකරණය විසින් ලබාදුන් නියෝගයට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කටයුතු කරමින් සිටිති.

විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට දඬුවම් නියම කළ අවස්ථාවේදීම මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා දැනුම් දුන්නේය.

අදාළ අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩු තීන්දුව තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් ඉන්දතිස්ස මහතා නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපතක් තමන්ට අදාළ ගාස්තුවට යටත්ව නිකුත් කරන ලෙස ඉල්ලීමක්ද කළේය.

තීන්දුවේ මුද්‍රණ දෝෂ නිවැරදි කොට හෙට දිනයේදී තීන්දුවේ පිටපතක් නිකුත් කළ හැකි බව දැනුම් දුන් විනිසුරුවරයා ඒ ස`දහා හෙට දිනයේ ඉල්ලීමක් කරන ලෙස දැනුම් දුන්නේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment