අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් - එජාපයේ විශේෂ සාකච්ඡාවක්.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිතව තිබෙනවා.

අද(8) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදු කිරිමට නියමිත බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාව පැවැත්විමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සර උත්සවය ලබන 10 වන දින රත්නපුරයේදී පැවැත්විමට සැලසුම් කර ඇත.

කෙසේවෙතත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සංවත්සර උත්සවය කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ද වාර්තා වේ.

ඒ පිළිබඳව අද පෙරවරුවේ රැස්වී සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹිමට නියමිතව ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment