අර්ජුන් ඇලෝසියස්ට නොතීසි.


ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාට නොතීසි නිකුත් කර තිබේ.

නිලධාරීන් කොමිසමට දන්වා ඇත්තේ, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ඔහු නිවසේ හෝ කාර්යාලයේ නොසිටි බව ය.

ඒ අනුව ඇලෝසියස් මහතාට මෙම දැනුම් දීම කරන්නැයි කොමිසම නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

මේ අතර අර්ජුන් ඇලෝසියස් මහතාගේ ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රවල අංක නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment