උඩප්පුව සිට කල්පිටිය දක්වා දිවෙන සුන්දර වෙරළ තීරය නුදුරේදී කුණු කන්දක් වෙයිද Ceylon News 24x7 1:30:00 PM News Edit මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් උඩප්පුව මෝයකට සිට කල්පිටිය දෙසට දිවයන සුන්දර වූ අතිරමණීය වෙරළ තීරය සම්පූර්ණයෙන්ම කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති ආකාරය දක්නට ලැබේ. මෙම සුන්දර වූ වෙරළ තීරය සම්පූර්ණයෙන් විනාශයට ලක්වන ආයුරින් කැළිකසල, පොලිතීන් වැනි අපද්‍රව්‍ය වලින් පිරී ඉතිරි ගොස් හමාරය. රටේ මහ වංශයෙන් ඩෙංගු කැන කතා කරද්දි පොලිතීන් ලන්ෂීට් ගැන මතවාද පලකරද්දි මෙවන් සුන්දරවූ වෙරළකට අත්ව ඇති ඉරණම සුළු පටු නැත. මිනිසුන්ගේ නොමිනිස් ක්‍රියාකලාපයන් වල අනිසි ප්‍රථිඵලයක් ලෙස ඉවක් බවක් නොතකා සිදුකරනු ලබන මෙම පාරිසරික සංහාරය නිසාවෙන් මේ වන විට උග්‍ර පාරිසරික ගැටළු රැසක් උද්ගතව ඇති බව දක්නට ලැබේ. මෙම තීරය නැරඹීම සදහා විදේශිය සංචාරකයින් බහුතරයක් පැමිණෙන්නේ උඩප්පුව සිට කල්පිටිය දක්වා දිවෙන වෙරළ තීරය හුදෙකලාවට උරුමකම් කියන තෝතැන්නක් බවට පත්ව තිබීම නිසාවෙනි. නමුත් අද වන විට ඒ සියල්ල උඩුයටි කුරු කර හමාරය. විදේශීය සංචාරකයින්ගේ මනදොල පිනවන තෝතැන්නක් බදු මෙම සුන්දර වෙරළ තීරය අද වන විට අධික දුගදක් හමන කසල බැහැර කරන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි. රටක විදේශිය අයෝජනය ඉහළ මට්ටමක පවතින්නේද සංචාරක කර්මාන්තය නගාසිටුවන්නේද මැවැනි ස්ථානයන් නිසාවෙනි නමුත් අද වන විට ඒවාට අත්ව ඇති ඛේදණිය ඉරණම නිසාවෙන් රටේ විදේශිය විනිමය සෘණාත්මක මට්ටමක පැවතීම තුලින් රටේ ආර්ථික දිනෙන් දින වලපල්ලට යමේ කල දසාව උදාවී හමාරය. සටහන සේයා රූ පුත්තලම කේ.ප්‍රියංකර Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment