කැබිනෙට්ටුව හදිසියේ රැස්වෙයි

කැබිනෙට්ටුව හදිසියේ රැස්වෙයි

 

සෑම සතියකම අඟහරුවාදා දිනයට නියමිත කැබිනට් රැස්වීම ඊයේ පොහොය දිනය හේතුවෙන් නොපැවැත්වෙන බව පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඊයේ දිනයේදී සියලු අමාත්‍යවරුන් වෙත දැනුම් දී තිබෙන්නේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන හදිසි කැබිනට් රැස්වීම සඳහා සහභාගි වන ලෙසයි.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධිත ආඥා පනත් තුන අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම පනත් කෙටුම්පත් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර ඉදිරි සතියේදී එ්වා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්දා සම්මත කෙරුණු අතර ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තවත් පනත් කෙටුම්පත් තුනක් සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment