පොලිස් නිළධාරියෙකුගේ තවත් හපන් ක්‍රියාවක්

පොලිස් නිළධාරියෙකුගේ තවත් හපන් ක්‍රියාවක්

 

නමුත් ඒ හාත්පසින්ම වෙනස් ආකාරයේ පොලිස් නිලධාරින්ද දුලබ නොවන අතර වැටුපට සරිලන සේවයක් ඉටුකරමින් පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශයක් ගෙන දෙන අයද මේ අතර සිටිති.

එවැනි ආදර්ශමත් පොලිස් නිළධාරියෙකු පිළිබද අපට ඊයේ (05) වාර්තා වන්නේ පුත්තලම ප්‍රදේශයෙනි. ඒ පුත්තලම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් (28364) කාලියවංශ නිලධාරියා විසින් 2017.09.05 වන දින පුත්තලම නගරයේදී අහුලාගන්නා ලද මුදල් පසුම්බියක් එහි හිමිකරු වන වැවගේ ගාමිණි අලංගලාල් ඩෙෆ්, නො. 32/31, පාසල් පටුමග, මුල්ලේරියාව උතුර, මුල්ලේරියාව යන අයට භාරදී තිබේ. මෙම මුදල් පසුම්බියේ රු. 65300/- ක් මුදල්, ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍රය ඇතුළු වටිනා ලියකියවිලි රැසක් තිබිණි.

අදාල පුද්ගලයා කොළඹ සිට අනුරාධපුර බලා එමින් සිටියදී පුත්තලම නගරයේදී මෙලෙස මුදල් පසුම්බිය අස්ථාන ගතවී ඇති බවත් ඒ දුටු වහාම ක්‍රියාත්මක වූ අදාළ පොලිස් නිළධාරියා එම මුදල් පසුම්බියේ තිබූ දුරකථන අංකයක් ඔස්සේ අයිතිකරු සොයා ගැනීමෙන් පසු අයිතිකරු වෙත භාර දෙන්නට කටයුතු කල බව පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා සදහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment