ලංකා නිවුස් වෙබ් පුවතින් පුත්ලමේ කුඹුක් ජාවාරමට තිත!

ලංකා නිවුස් වෙබ් පුවතින් පුත්ලමේ කුඹුක් ජාවාරමට තිත!

 

මේ සඳහා පුත්තලම අතිරේක දිසාපති, පුත්තලම සහකාර ප්‍රාදේශිය ලේකම්, පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂඛ, පුත්තලම විශේෂ කාර්ය්‍ය බලකා කදවුරේ අණදෙන නිළධාරි, වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු තවත් නිළධාරීන් පිරිසක් සහභාගි විය.

 

අදාළ වන සංහාරය සිදුකරන ලද සෑම පුද්ගලයෙකුටම විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ලබා ගන්නා බව පැමිණි නිරීක්ෂක කණ්ඩායම පැවසූහ.

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී විලුක පදිංචි කේ.ධර්මදාස මහතා පවසා සිටියේ මෙවැන්නකි.

ඇත්ත වශයෙන්ම මේ ‘ලංකා නිව්ස් වෙබ්' අඩවිය අපිට පුදුමාකර සහයෝගයක් ලබා දෙන්නෙ. ඒ කියනවනම් අපේ ගමට වෙලා තියෙන කෙනෙහෙළිකම් දිහා බලද්දි එකක් දෙකක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නෙ. මහා පරිමාණ බොරළු ජාවාරමක් සිද්ධ වුණා. ඒකත් මේ වෙද්දි ලංකා නිව්ස් වෙබ් වාර්තාව මඟින් නැවතුනා. තව දෙයක් අපේ ගමේ පුරාණ වැවක් තිබුණා. ඒ වැවත් පුත්තලමෙ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් කම්බි ගහලා අත්පත් කර ගත්තා. ඒකත් ‘ලංකා නිව්ස් වෙබ්' ආයතනයට පිං සිද්ද වෙන්න නැවැත්තුනා. ඒ විතරක් නෙමෙයි මේ මහා පරිමාණ කුඹුක් ජාවාරම පිලිබඳව ලොකු හෙළි දරව්වක් කෙරුවා. ඒ හෙළිදරවෙන් රජයේ වග කිවයුතු බළධාරින්ගෙ ඇස් කන් විවර වුණා. මේ පිළිබද සමස්ථ ජනතාව වෙනුවෙන් මගේ හෘද්‍යාංගම කෘතගුණ පූර්වක ප්‍රණාමය ‘ලංකා නිව්ස් වෙබ්' අඩවියටත් එහි කාර්ය මණ්ලයටත් පුදකර සිටිනවා.

කේ. ප්‍රියංකර - පුත්තලම
පෙර පුවත්

පුත්තලමේ මහා පරිමාණ කුඹුක් ජාවාරමක්!

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment