පාහියන්ගල ලෙන පිහිටි ප්‍රදේශය නාය යාමේ අවධානමක

පාහියන්ගල ලෙන පිහිටි ප්‍රදේශය නාය යාමේ අවධානමක

 


පසුගිය දින කිහිපයේම බුලත්සිංහල ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වූ නතර ඊයේ දහවල් වනවිට බුලත්සිංහලට මිලි මීටර් 104.5 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් ඉදිරියටත් මෙම වැසි තත්වය වර්ධනය වීමට ඉඩ ඇති බැවින් බුලත්සිංහල ප්‍රදේශයට නාය යාමේ අවදානම් නිවේදනය නිකුත් කල බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර කාර්යාලයේ භූ විද්‍යාඥ හර්ෂ ඒකනායක මහතා පැවසීය.


පසුගිය මැයි මාසයේ පාහියන්ගල ප්‍රදේශයේ ඇතිවූ නාය යාම නිසා පාහියන්ගල ඓතිහාසික ලෙන පිහිටි ප්‍රදේශය පුපුරා ඉරි තැලීම් වලට භාජනය වී තිබුණු අතර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් එහි පිළිසකර කිරීම් ආරම්භ කර තිබුණි.

වසර 58 000 කට වඩා පැරණියැයි සැලකෙල නූතන මානව අස්ථි කොටස් හමුවී ඇති මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයක් සේම ආසියාවේ විශාලතම ලෙන් විහාරය වන මෙම පුද බිමට හානියක් වී එය විනාශ වී ගිය හොත් මානව ශිෂ්ඨාචාරයේ වැදගත්ම සාක්‍ෂි රැසක් විනාශ වී යාමට ඉඩ ඇති බවත් ,එසේම බුලත්සිංහල.පාහියන්ගල අවට විශාල ප්‍රදේශයකට අහිතකර තත්වයක් ඇති විය හැකි බව විහාරවාසී පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.
මතුගම බන්දු තඹවිට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment