ගල්කිස්ස හෝටල් කාමරෙන් හමුවූ කෝටිපති ඇඟළුම් ව්‍යාපාරිකයාගේ අභිරහස් මළ සිරුර ගැන සැකයක් - මරලාද දිවිනසාගෙනද?


ගල්කිස්ස හෝටල් කාමරෙන් හමුවූ
කෝටිපති ඇඟළුම් ව්‍යාපාරිකයාගේ 

අභිරහස් මළ සිරුර ගැන සැකයක්
මරලාද දිවිනසාගෙනද?

අසාමාන්‍ය තුවාල සහිතව දින 5 ක් තිස්සේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි කෝටිපති ඇඟළුම් ව්‍යාපාරිකුගේ අභිරහස් මරණයක් ගැන පසුගිය අඟහරුවාදා කළුබෝවිල රෝහලෙන් වාර්තා විය.
මොහාන් චමින්ද විජයතිලක නමැති මොහු සති කිහිපයකට පෙර විවාහවූ 40 හැවිරිදි අයෙකි.
බිරිය සමග ගල්කිස්සේ වෙරළාසන්න ‘හවුස් චන්ද්‍රා‘ නමැති හෝටලයේ මධු සමය ගතකරමින් සිටි ඔහු  බිරිය පිටතට ගොස් සිටි අවස්ථාවක හෝටල් කාමරය තුළ ඇතුළතින් දොරගුළු ලාගෙන සිටි බවත්
එම අවස්ථාවේ ඔහු හමුවන්නට ආ මිතුරන් දෙදෙනෙකුට ප්‍රතිචාර නොදක්වා සිටි නිසා හෝටල් බලධාරීන්ට දන්වා දොර හැර පරීක්ෂා කිරීමේදී කාමරයේ අසාමාන්‍ය තුවාල සහිතව ඇදවැටී සිටියදී හමුවූ බවත් වාර්තා විය.
සිහිසුන්ව සිටිය ඔහුගේ දත් කැඩී ගොස්  මුහුණේ සැක සහිත තැලීම් තිබුණ බවත් වාර්තා වී ඇත.

පසුගිය 31 වනදා ඔහු එසේ හමුවීමෙන් පසු කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද අතර දින 5 ක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදුන්නද ඔහු සිහිය නොලබාම මියගොස් තිබේ.

ඔහුගේ මරණය සැකසහිත බවට ඥාතීන් විසින් දැනුම් දුන් නිසා ඒ ගැන විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත. මරණ පරීක්ෂකවරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම හෝටල් පරීශ්‍රයට යනවිට හෝටල් කාර්ය මණ්ඩලය විසින් මරණය සිදුවූ ස්ථානය ඇතුළු අනෙකුත් බඩු බාහිරාදිය සුද්ද පවිත්‍ර කොට තිබීම අධිකරණ ක්‍රියාවලියට බාධාවක් වී තිබුණි.

ව්‍යාපාරක චමින්ද විජයතිලකගේ සිහිසුන් සිරුර කාමරයේ තිබී හමුවන විට කාමරය තුළ තිබී රෙදි පටියක් වැනි යමක් හමුවී ඇති අතර ඔහු ගෙළ වැළලාගෙන සියදිවිනසාගැනීමේ උත්සාහයක නිරතවූයේද යන්න සැකයට භාජනය වී ඇත.
මුහුණේ තිබුණ සුළු තුවාල හා දත් කිහිපයක් කැඩී තිබීම මරණ පරීක්ෂණයේදී හඳුනාගෙන ඇත. අධිකරණ වෛද්‍ය සම්පත් සේනතුංග මරණය සම්බන්ධ විවෘත තීන්දුවක් ලබාදෙමින් සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කර ඇත.

මරණය ඝාතනයක්ද සිය දිවිනසාගැනීමක්ද යන්න තවම පැහැදිලි නැත.

මෙම මරණය මධුසමය අතරතුර සිදුවීමත් ව්‍යාපාරික චමින්ද සිහිසුන්වී හමුවන අවස්ථාවේ විවාහක බිරිය එහි නොසිටීමත් නිසා මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර තිබේ.

ඔහුගේ බිරිය හමුදා නිලධාරියෙකු සමග පෙර විවාහ ගිවිසගෙන සිටි බවට ඇතැම් වාර්තා පළව තිබුණ නමුත් ඇය එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

කළුබෝවිල සරණංකර පාරේ පදිංචිව සිටි ඇඟළුම් ක්ෂේත්‍රයට සම්බන්ධ තරුණ ව්‍යාපාරිකයෙකු වන චමින්ද විජයතිලක විවාහ දිවියට ඇතුළත්වූයේ එජාපයට සම්බන්ධ ප්‍රබල ඇමතිවරයෙකුගේ ඥාතී දියණියක සමගිනි. මින් සති කිහිපයකට එපිට පැවති මෙම විවාහය සඳහා ඔහුගේ පාර්ශ්වයෙන් ඔටාරා ගුණවර්ධනත්, බිරියගේ පාර්ශ්වයෙන් හරින් ප්‍රනාන්දුත් අත්සන් තබා තිබුණි.
මියගිය අයගේ බිරිය එජාපයේ යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකාවක බවද පැවසිණි.

තොරතුරු -අයිරංගි එදිරිසිංහ


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment