2017 නොබෙල් සාම ත්‍යාගය ICAN සංවිධානයට

2017 නොබෙල් සාම ත්‍යාගය ICAN සංවිධානයට
න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වන සම්මුතීන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සිදුකළ කාර්යභාරය වෙනුවෙන් එම සංවිධානයට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝර්වීජියානු නොබෙල් කමිටුව ප්‍රකාශ කරයි.
 
2007 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපාරයට මේ වනවිට රටවල් 101 ක සංවිධාන 468 ක් එක්ව සිටී.
 
ICAN සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා බියට්‍රිස් ෆිං ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් දුරකතනයෙන් දැනුම් දුන් අවස්ථාවේදී විමතියට පත්වූ බවයි. න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා තම සංවිධානය ගෙනයන වැඩපිලිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට නොබෙල් සාම ත්‍යාගය ලැබීම පිටිවහලක් වනු ඇති බව ද ඇය සඳහන් කරයි.
 
නොබෙල් සාම ත්‍යාගය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සුදුසුකම් ලබා තිබූ අතර ජනාධිපිතවරයාගේ නම අවසන් නම් කිහිපයට ද නිර්දේශ වී තිබිණි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment