ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ සහ උතුරු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද සෙසු පළාත්වල (විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල) සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම නිවේදනයේ සඳහන්ය.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ක පමණ තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකි බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝ මීටර් 40 -50 අතර විටින් විට හමන තද සුළං අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එසේම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අකුණු වලින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ද ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
0 comments :
Post a Comment