හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස්, මහින්ද යාපා අබේවර්ධන, හිටපු කතානායක චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තවත් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ .
කෙසේනමුත් අද (06) පෙරවරු 10.30 පමණ හම්බන්තොට නගරයේ වෙරළ උද්‍යානය අභියසින් මෙම විරෝධතාවය ආරම්භ කල අතර ඒ සදහා 2000 ක පමණ පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණි . විරෝධතාකරුවන් පරණ තංගල්ල පාර ඔස්සේ කිලෝමීටර් 03 ක් පමණ ගමන්ගෙන ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය අබියසට පැමිණ එහිදී තම විරෝධය පෑම සිදුකරන ලදී . ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුන හෙයින් කොන්සල් කාර්යාලය තුළට විරෝධතා කරුවන්ට ඇතුළු වීමට ඉඩ නොලැබුණු නමුත් විරෝධතාවයට එක්ව සිටි බද්දේගම සමිත හිමි ඇතුළු කීපදෙනෙකු හට තම ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් බාරදීමට අවස්තාව සලසා දෙන ලදී .
අනතුරුව විරෝධතාකරුවන් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය අසල පොලිසිය යොදා තිබූ මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසෙද්දී පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරන ලදී. පසුව විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කෙරිණි.
විරෝතාකරුවන් අතරින් 28 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ප්‍රද්ශයේ සාමකාමී තත්වයක් දක්නට ලැබේ.
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
0 comments :
Post a Comment