ළමා දිනේ නැටුම් පුහුණුව අතර ගුරුවරිය වේදිකාවේ ඇදවැටී මරුට



ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් සිසුන් නර්තනයකට පුහුණු කරමින් නර්තනයේ යෙදී සිටි ගුරුවරියක විදුහල් වේදිකාව මත වැටී මියගොස්‌ තිබේ.

මැණික්‌දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක

ලෙස සේවය කළ 45 හැවිරිදි දීපා කුමාරි කුලතුංග නමැති එක්‌දරු මව මෙසේ මියගොස්‌ ඇත්තේ ඉකුත් 29 වැනි සිකුරාදාය.

ඇයගේ මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශයට පත්කිරීම අපහසු බැවින් මහනුවර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. සිවසුබ්‍රමනියම් මහතා මරණය පිළිබඳ විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරමින් සිරුරේ කොටස්‌ වැඩිදුර පරීක්‍ෂණ සඳහා රස පරීක්‍ෂකවරයා වෙත යෑවීමට නියෝග කර ඇත.

මියගිය ගුරුවරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය යටිනුවර මහනුවර හදිසි මරණ පරීක්‍ෂක භාරත විඡේකෝන් මහතා විසින් සිදුකොට තිබේ. දිගු කලක සිට පිළිකාමය රෝග තත්ත්වයක්‌ මත ඇය ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊට ආසන්න හේතුවක්‌ මත මරණය සිදුවන්නට ඇතැයි පැවසේ.

දන්තුරේ සියඹලාගොඩ පදිංචි වැවිලිකරුවකු වන සාගර පුෂ්පකුමාර ඉලංගකෝන් මහතාගේ බිරිඳ වන හතළිස්‌ පස්‌ වියෑති මෙම ගුරුවරියට වෛද්‍ය උපදෙස්‌ ලැබී ඇත්තේ කය වෙහෙසීමෙන් තොරව ඉගැන්වීමේ කටයුතු කරන ලෙස යෑයි ද දැනගන්නට ඇත.

සමන්ති වීරසේකර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment