මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කැලෑපිටිමුල්ල, හුණුමුල්ල පදිංචි කයිවල අප්පුහාමිලාගේ ගාමිණී එඩ්වඩ් නමැති පුද්ගලයා පසුගිය ඔක්තෝබර් 04 වනදා අසනීප වී මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය අතර ඊයේ (05) සිදු කළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ශරීර අභ්‍යන්තරයේ ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවයි. ඒ අනුව ඊයේ දිනයේ අත් අඩංගුවට ගැණුනු දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මියගිය සැකකරු සොරකමක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඔක්තෝබර් 03 වනදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. පොලීසිය විසින් ඔහුට දරුණු ලෙස පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ද ස්ථාන මාරුවක් ලබා දී ඇති බව පොලීසිය සඳහන් කරයි.
0 comments :
Post a Comment