ඇමති කාලේ රවී කළ තවත් වැඩක් හෙළිවෙයි.
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය අවස්ථාවන්වලදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට (ලීසිං) තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යොදා තිබූ ක්‍රමවේදය ඉවත් කිරීමට ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබේ.
කෙසේවුද, අදාළ තීන්දුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළද ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව නොතිබූ හෙයින් එය කල් ගොස් ඇති බවද පැවසේ.
කැබිනට් සාකච්ඡාවේදී රවීගේ ක්‍රමයට වාහන ගැනීමේදී විශාල මුදලක් වැයවන බව ඇමතිවරුන් පෙන්වාදී ඇති අතර ඊට පෙර පැවැති ගෙවීම් ක්‍රමයට වාහන ලබා ගැනීම සුදුසු බව ඔවුන් පවසා තිබේ.
රවීගේ මේ වැඩේ සම්බන්ධයෙන් අමාත්‍ය එස්.බී. දිසානායක හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් දැඩි ලෙස විවේචනය කර ඇති අතර මෙය හිතවත් සමාගම් තුනකට පමණක් වාසි ලැබෙන ලෙස සැකසූ එකක් බවට ද චෝදනා කර ඇත.
මේ අතර ලීසිං ගැනීමට නිර්දේශ කරන ලද ආයතනවල හිමිකරුවන් කරුණානායක මහතාගේ ව්‍යාපාරික හිතවතුන් බවද හෙළිව තිබේ.
(SLM)
0 comments :
Post a Comment