මදුෂ් - අංගොඩ ලොක්කා වහාම අල්ලන්නැයි සාගලගෙන් නියෝග.


විදේශයකට පලායනතුරු පාතාල නායකයින් අත්අඩංගුවට ගැනීමට අසමත්වීම හා එසේ පැනගිය අයට රතු වරෙන්තු නිකුත් කිරීමට නිවරදි ක්‍රමවේද භාවිතා නොකිරීම සම්බන්ධයෙන් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස් ලොක්කන්ට දොස් නගා ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව මධුෂ් හා අංගොඩ ලොක්කාට එරෙහිව රතු වරෙන්තු නිකුත්කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ද සාගල රත්නායක මහතා පොලිසියට උපදෙස් දී තිබේ.

ඉන්දීය අත්අඩංගුවේ පසුවන බව පැවසෙන අංගොඩ ලොක්කා මෙතෙක් ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද ඒ මහතා පොලිස් ප්‍රධානීන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඇත.

තාම රතු වරෙන්තුකාරයෝ දෙන්නයි !

කෙසේවුවද, ශ්‍රී ලංකා පොලිසියේ උපදෙස් පරිදි මෙතෙක් ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු (Red Notices) නිකුත් කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් බව පැවසේ.

ඇන්තනි එමිල් ලක්ෂ්මී කාන්තන් හා මුනිසාමි තරමසීලන් යන දෙදෙනාට එසේ රතු  නිකුත්කර තිබේ.

මුනිසාමිට අත් බෝම්බ දෙකක් හා උණ්ඩ 100ක් ළඟ තබා ගැනීමටත්, එමිල් කාන්තන්ට අනිසි ලෙස අපරාධ කිරීම හා විශ්වාසය කඩ කිරීම යන චෝදනා මත ඔවුන්ට රතු වරෙන්තු නිකුත්වී තිබේ.

මීට පෙර කුඩු ලාල්, කිඹුළා ඇල ගුණා ඇතුළු පාතාල නායකයින් කිහිපදෙනෙකුට පසුගිය කාලයේදී රතු වරෙන්තු නිකුත්කර තිබුණද ඒවාද මීට වසරකට පෙර ඉවත්කර ඇති බව පැවසේ.

අදාළ රතු වරෙන්තු ඉවත් කළේ කාගේ ඉල්ලීමට ද යන්න මෙතෙක් හෙළිව නොමැති බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මූලාශ්‍රය - රිවිර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment