හොකී අර්බුධය ජනපති සහ අගමැති වෙත පාස්වෙයි.


ජාතික හොකී සම්මේලනයේ තවදුරටත් සිදු කෙරෙන විනාශකාරී තත්ත්වය පිළිබද පොලිස්පතිවරයා, අගමැතිවරයා සහ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට හොකී ප්‍ර්‍රවීණයන්ගේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, හොකී ක්‍රිඩාව විනාශ කිරීමට එක්ව සිටින වත්මන් නිළදාරී සංස්ථාව පිළිබදව ක්‍රිඩා අමාත්‍යවරයා දැනුවත් කල ද, ඔහු විසින් යලිත් හොකී තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස වසර 10ක් කටයුතු කල දර්ශන විජේසිංහව පත් කිරීම කළකිරීමට කරුණක් බවයි.

ක්‍රිඩා අමාත්‍යවරයාට පොලීසියෙන් ලැබෙන සහයෝගය නිසා දෝ, ක්‍රිඩා නීතියටත් පටහැනිව ලබාදුන් මෙම පත් කිරීම් පිළිබදව හොකී ප්‍රවීණයන් සිය අප්‍රසාදය පල කර සිටිති.

එමෙන්ම ක්‍රිඩා අමාත්‍යවරයා පමණක් නොව, ක්‍රිඩා අමාත්‍යංශයේ තවත් උසස් නිළධාරියෙකු සහ ව්‍යාපෘති නිළධාරිනිය වන තමරාගේ සහයෝගය අදාළ දූෂිත පොලිස් නිළධාරීන් ලැබෙන බවද වාර්තාවේ.

මේ අතර හිටපු සභාපතිවරයාගේ සගයෙකු වන බී.ජී.ආර් ප්‍රනාන්දු ද හොකී ක්‍රිඩාව ඔහුගේ බූදලයක් බවට පත් කර ගෙන සිටියි.

ඔහු ද  මෙම තනතුර ඉල්ලා පොර බදින්නේ, ඔහුගේ ගෝල බාලයන් සහ තම පුත්‍රයා යුධ හමුදා හොකී කණ්ඩායම භාරව සිටීම හේතුවෙන් දැයි හොකී ප්‍රවීණයන් ප්‍රශ්න කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment