විල්පත්තු වනාන්තරය ජාත්‍යන්තර සංචාරක පුරයක් කිරීමට යයි!

විල්පත්තු වනාන්තරය ජාත්‍යන්තර සංචාරක පුරයක් කිරීමට යයි!

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විල්පත්තු රක්ෂිතයට පිවිසුම් - පිටවීම් දොරටුවක් ඉදිකිරීම පිළිබඳව සොයා බැලීමට විල්පත්තු රක්ෂිතයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

මෙහිදී ජයවික්‍රම අමාත්‍යවරයා පවසා සිටියේ විල්පත්තු රක්ෂිත භූමිය ආරක්ෂා වන අයුරින්, සංචාරක ආකර්ෂණය වැඩිවන පරිදි සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි. සංචාරකයින් වැඩි වශයෙන් විල්පත්තු භූමියට ගෙන්වා ගැනීමටත් අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කොට සිටියේය.

මෙහිදී විල්පත්තු අභය භූමිය අවට සිටින ගම්මාන වල ජනතාව මුහුණපාලන ගැටලු සම්බන්ධයෙන් ජීවී නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවති අතර එයින් විසදුම් ලබා දීමට පියවර ගත්තේය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාද සහභාගි විය.
වන්නි රොමේෂ් මධුෂංඛ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment