නීතීඥ වැලිඅංගේ මහරගම සංවිධායක ධුරයට - තරුණ මුල් පුටුවට නම් 3ක්.
ජාතික තරුණසේවා සභාවේ සභාපතිධුරය ඉදිරියේදී වෙනස්වීමට ඉඩ ඇතිබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ඒ වත්මන් සභාපතිවරයාට එජාප මහරගම සංවිධායක ධුරය හිමිවීමත් සමගයි. තවමත් පුරප්පාඩුවන සභාපතිධුරය සදහා පත්වන්නේ කවුරුන්දැයි නිශ්චිතව හෙලීවී නොමැත.
නමුත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරන පරිදි මේ සදහා එජායේ තරුණ නායකයින් තිදෙනෙකු මේ සදහා යෝජනා වී ඇති බවයි.
ඒ අතර චමින්ද තල්ගස්වත්ත , දිනේශ් රවිචන්ද්‍රරාජා සහ නාමල් විජයමුනි සොයිසා යන අයගේ නම් ඇතුලත්ව ඇති බව සදහන්වේ.
කෙසේ නමුත් පසුගිය දින කිහිපය තුල චමින්ද තල්ගස්වත්ත මහතාට හිතවත් පිරිස් සමාජ ජාලා තුල මේ පිළිබදව යම් හොඩුවාවක් ඉදිරිපත් කර තිබිනි.
කෙසේ වෙතත් නව සභාපති වරයා කවුරුන්දැයි තීරනය අග්‍රාමාත්‍යවරයා සතුව පවතී.
0 comments :
Post a Comment