පළමු ශ්‍රේණියට දැරියන් දැමීමේ අක්‍රමිකතා නිසා අනුලා විදුහල්පතිනියට මාරුවක්


නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි නන්දා රාජපක්ෂ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවයෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයට මාරුකර යවා තිබේ.
2014 සිට අනුලා විද්‍යාලයේ

විදුහල්පතිනිය හැටියට කටයුතු කරන ඇය විදුහලේ වර්තමානයේ අධ්‍යාපන විනය හා ක්‍රීඩා අංශ තුනේම පරිහානියට වගකිව යුතු බවත් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ අක්‍රමිකතාවලට හසුව ඇති බවත් එම පාසලේ සංවර්ධන සමිතිය දන්වා තිබුණ අතර ඒ ගැන උද්ඝෝෂණ තත්වයක් හා පාසල ඉදිරිපිටට පොලිසිය කැඳවන්නට සිදුවූ අවස්ථාවක්ද පසුගිය සතියේ වාර්තා වී තිබුණි.
අධ්‍යාපන අමාතයංශය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පරිපාලන ගැටලු හා දරුවන් ඇතුළත් කිරීමේ ගැටලු ගැන මූලික විමර්ශන අනුව මාරුව සිදු කිරීමේ මෙම තීරණය ලබාගත් බවයි.
මින් ඉහත අවස්ථා කිහිපයකත් අනුලා විදුහලේ විදුහල්පතිනියන් මේ ආකාරයට දරුවන් ඇතුළත් කිරීමේ ගැටලු මුල් කර මාරුවීම් වලට ලක් විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment