දෙමටගොඩ කේස් එකේ හිරුණිකා -නිවැරදිකරු ආරක්ෂකයින් 8 වැරදිකරු


දෙමටගොඩ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙනගොස් පහරදී සාපරාධි ලෙස බියගන්වන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග චෝදනා ලද ආරක්ෂකයින් 8 දෙනෙකු එයට අදාළ නඩුවේදී වරද පිලිගැනීම ඊයේ  සිදුවුනි.
ඔවුන්ට දඩුවම් නියම කිරීම ලබන 23දා සිදු කිරීමට මහාධිකරණය තීන්දු කළේය.
මෙම නඩුව විහාග කිරීම සඳහා ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී චෝදනාවලට වරදකරුවන්ද? නිවැරදිකරුවන් දැයි විත්තිකරුවන්ගෙන් විමසනු ලැබූ විට පළමුවැනි විත්තිකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා
ප්‍රේමචන්දු මහත්මිය තමා

චෝදනාවලට නිවැරදිකරු යැයි කියා සිටි අතර ඇගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කළ සෙසු විත්තිකරුවෝ අටදෙනාම තමන් චෝදනාවලට වරද පිළිගන්නා බව කියා සිටියහ. මෙලෙස චෝදනාවලට වරද පිළිගත්තේ  පී.ඩබ්ලිව්. කැලූම් නිරන්ජන, මිලින්ද ජයතිලක, ආර්.ඒ. කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාර ද සොයිසා, මයිකල් ඇන්තනි ජෝන්සන්, සංජීව අබේසිරිවර්ධන, නියාහ් මොහොමඩ් රිහ්වාන් සහ ජෙගනාදන් යන අටදෙනාය.

වරද පිළිගත් විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම ලබන 23 වැනිදා දක්වා කල් තැබූ විනිසුරුවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේමචන්දු මහත්මිය ඇතුළු සියලුම විත්තිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිරින ලෙස නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම් අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඔහු අයුතු ලෙස සිරකිරීම, පොදු අරමුණ කරගත් නීතිපිරෝධී රැස්විමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතිපතිවරයාමෙම නඩුව පවරා ඇත. සිද්ධිය වි මාස හතක කාලයක් ඇතුළත නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර පැමිණිල්ල සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනකු සහ
ලේඛන කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා දැනුම් දී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment